ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත අද (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
c
පනත් කෙටුම්පතක් ගැසට් කිරීමෙන් සතියකට පසු එය පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු අතර, ඉන් අනතුරුව එම පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් අධිකරණය හමුවට යාමට ඕනෑම පාර්ශ්වයකට සතියක කාලයක් හිමි වෙයි.
ඉදිරිපත් වන පෙත්සම් විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය දින 3ත් 21ත් අතර කාලයකදී සිය තීරණය කථානායකවරයා වෙත දැනුම්දීමට නියමිතයි.
යෝජිත සංශෝධන මගින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීමට යෝජනා කර ඇත්තේ පහත පරිදිය:
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් – අවුරුදු 65 සිට 67 දක්වා
අභියාචනාධිකරණ විනිසුරුවරුන් – අවුරුදු 63 සිට 65 දක්වා
මහාධිකරණ, දිසා සහ මහෙස්ත්‍රාත් අධිකරණ විනිසුරුවරුන් – අවුරුදු 62 දක්වා








Leave a Reply