Loading...

වාහන ආනයන බදු මත 50% අධිභාරය දෙසැම්බර් දක්වා

වාහන ආනයන බදු මත රජය විසින් පනවා ඇති 50%ක අධිභාරය ලබන දෙසැම්බර් 31 වැනිදා දක්වා දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව, හෙට (15) සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා මෙම අධිභාරය අදාළ වන බව සඳහන්.

1988 අංක 83 දරන පනතින් සංශෝධිත රේගු ආඥා පනතේ 10 අ වගන්තිය යටතේ ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව මෙම දීර්ඝ කිරීම සිදුකර ඇත.

කෙසේ වෙතත්, පසුගිය මැයි 15 වැනිදා හෝ ඊට පෙර ණයවර ලිපි විවෘත කර තිබූ මෝටර් රථ ආනයනයන් සඳහා මෙම නියමය අදාළ නොවන බවද සඳහන්.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *