Loading...

2027 ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකාවෙන් වෙනස් සැලැස්මක්

2027 වසරේ පැවැත්වීමට නියමිත අයි.සී.සී. පිරිමි ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාවේ ප්‍රධාන ක්ෂේත්‍ර ජාත්‍යන්තරව ප්‍රවර්ධනය කිරීම සඳහා යොදා ගැනීමට රජය සැලසුම් කරමින් සිටිනවා.

විශේෂයෙන් මෙරට තේ සහ සංචාරක ක්ෂේත්‍රය ඇතුළු මෙරට ප්‍රධාන නිෂ්පාදන හා සේවා ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ ප්‍රවර්ධනය කිරීම පිළිබඳව අවධානය යොමු වී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් ඊයේ (13) විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේදී පැවැත්වුණු බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා මේ බව පවසා ඇත.

දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතාද මාර්ගගත ක්‍රමය ඔස්සේ එම සාකච්ඡාවට එක්වී තිබෙනවා.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ අප්‍රිකා කලාපය භාර අධ්‍යක්ෂ ජනරාල් නිමල් පෙරේරා මහතා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතාද සාකච්ඡාවට සහභාගී වී ඇති බව සඳහන්.

අපනයන සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය, තේ ප්‍රවර්ධන ක්ෂේත්‍රය, තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව, ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සහ ශ්‍රීලංකන් ගුවන් සමාගම නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ද මෙම සාකච්ඡාවට එක්වී තිබෙනවා.

ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය හරහා ලැබෙන දැවැන්ත ජාත්‍යන්තර අවධානය යොදා ගනිමින් ශ්‍රී ලංකාව සහ මෙරට ප්‍රධාන ක්ෂේත්‍ර ජාත්‍යන්තර වශයෙන් ප්‍රවර්ධනය කිරීම සඳහා ඒකාබද්ධ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව මෙහිදී අවධානය යොමුව ඇති බව වාර්තා වනවා.

2027 අයි.සී.සී. පිරිමි ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය දකුණු අප්‍රිකාව, සිම්බාබ්වේ සහ නැමීබියාව යන රටවල සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිතයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *