Loading...

මොජ්තාබා කමේනිගේ වීඩියෝවක් පළමුවරට එළියට

අමෙරිකාව සහ ඉරානය අතර පවතින යුදමය වාතාවරණය හමුවේ මෙතෙක් ප්‍රසිද්ධියේ පෙනී නොසිටි ඉරානයේ උත්තරීතර නායක මොජ්තාබා කමේනිගේ වීඩියෝ දර්ශන පෙළක් ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා.

ඉරානයේ රාජ්‍ය අනුග්‍රහය ලබන මෙහර් ප්‍රවෘත්ති ඒජන්සිය විසින් මෙම වීඩියෝව නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

උත්තරීතර නායකයාගේ සෞඛ්‍ය තත්ත්වය බරපතළ ලෙස පිරිහී ඇති බවත්, ඔහු ඉදිරි දින කිහිපය තුළ මියයාමේ අවදානමක් පවතින බවත් සඳහන් කරමින් මාධ්‍ය වාර්තා පළවීමෙන් අනතුරුව මෙම දර්ශන නිකුත් කිරීම විශේෂත්වයක්.

තත්ත්පර 12ක පමණ කෙටි වීඩියෝවක් ලෙස නිකුත් කර ඇති එම දර්ශනවල මොජ්තාබා කමේනි සිය ජ්‍යෙෂ්ඨ උපදේශකයින් සහ නිලධාරීන් පිරිසක් සමඟ සාකච්ඡාවක නිරත වන ආකාරය දැක්වෙනවා.

කෙසේ වෙතත්, මෙම දර්ශන පටිගත කළ නිශ්චිත දිනය හෝ වේලාව මෙතෙක් ප්‍රකාශයට පත්කර නොමැති බවයි වාර්තා වන්නේ.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *