කුරුවිට බන්ධනාගාරයේ අද (08) හටගත් නොසන්සුන්තාව මැඩපැවැත්වීම සඳහා අවම බලය භාවිත කිරීමට සිදුවූ බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසනවා.
එහිදී තත්ත්වය පාලනය කිරීමේදී වෙඩි තැබීමක් ද සිදුකළ බව අමාත්‍යවරයා සඳහන් කළා.
මෙම සිද්ධියෙන් රැඳවියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් කිහිපදෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබෙනවා.
නොසන්සුන්තාව පාලනය කිරීමේ මෙහෙයුමේදී බන්ධනාගාර නිලධාරීන් කඳුළු ගෑස් ප්‍රහාර ද එල්ල කර ඇති අතර, මේ වන විට බන්ධනාගාරයේ තත්ත්වය සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බව වාර්තා වනවා.
සිද්ධියට හේතු වූ කරුණු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බව ද වාර්තා වනවා.







Leave a Reply