Loading...

ෂෙයික් හසීනාගේ ප්‍රකාශයෙන් පසු ශකීබ් අල් හසන්ගේ නිවසට ප්‍රහාරයක්

බංග්ලාදේශයේ හිටපු ක්‍රිකට් නායක සහ හිටපු අවාමි ලීග් පාර්ලිමේන්තු මන්ත්‍රී ශකීබ් අල් හසන්ගේ නිවසට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ, හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා ඉන්දියාවේ සිට අන්තර්ජාලය ඔස්සේ මාධ්‍ය හමුවක් අමතමින් සිදු කළ ප්‍රකාශයකින් පැය කිහිපයකට පසුවයි.

වාර්තාවලට අනුව, ඊයේ (05) රාත්‍රී 8.45ට පමණ ප්‍රහාරය එල්ල වී ඇති අතර, නිවසට සහ එහි දේපළවලටද හානි සිදුව තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කළ අවාමි ලීගය සඳහන් කළේ, සිය පක්ෂයට සම්බන්ධ පුද්ගලයන් ඉලක්ක කර ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවෙමින් පවතින බවයි. එම නිවේදනයේ, “නිවාස ගිනි තැබීම අවාමි ලීග් මාධ්‍ය හමුවට සහභාගී වීමේ මිලයි. නව ෆැසිස්ට්වාදය බංග්ලාදේශය ගිලගෙන තිබේ,” යනුවෙන් ද සඳහන් කර තිබෙනවා.

මේ අතර, අන්තර්ජාලය ඔස්සේ අදහස් දැක්වූ හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා ප්‍රකාශ කර ඇත්තේ, ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපිත කිරීමේ අරමුණින් අත්අඩංගුවට ගැනීමකට හෝ මරණයට පවා මුහුණ දීමට සූදානමින් ලබන දෙසැම්බර් මාසයේදී බංග්ලාදේශයට යළි පැමිණීමට තමන් අදිටන් කරගෙන සිටින බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *