Loading...

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩි කරන ව්‍යවස්ථා සංශෝධනය ගැසට් වෙයි

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම ඇතුළුව අධිකරණ පද්ධතියේ වෙනස්කම් කිහිපයක් යෝජනා කරන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඊයේ (03) පෞද්ගලික නාලිකාවක දේශපාලන වැඩසටහනකට එක්වෙමින් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා සඳහන් කළේ, අදාළ කෙටුම්පත ඉදිරියේදී ගැසට් මඟින් ප්‍රකාශයට පත් කරන බවයි.

එම කෙටුම්පත මඟින් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීම, අභියාචනාධිකරණය සහ මහාධිකරණයේ විනිසුරුවන්ගේ සංඛ්‍යාව වැඩි කිරීම, මෙන්ම අගවිනිසුරුවරයාගේ ධූර කාලය වසර 6කට සීමා කිරීම යෝජනා කර තිබෙනවා.

අමාත්‍යවරයා පැවසුවේ, කෙටුම්පත ගැසට් මඟින් ප්‍රකාශයට පත් කළ පසු ඊට එරෙහිව අධිකරණයට පෙත්සම් ගොනු කිරීමේ අවස්ථාවද පවතින බවයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ගැසට් කිරීමෙන් පසු සතියක පමණ කාලයක් එය ප්‍රසිද්ධියේ පවතින අතර, ඉන් අනතුරුව සති දෙකක පමණ කාලයක් පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ ඇතුළත් වන බවයි. එම කාලය තුළ සංශෝධනය සම්බන්ධයෙන් අභියෝග ඉදිරිපත් කළහොත්, ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගය හේතුවෙන් ක්‍රියාවලිය තවත් මාසයක පමණ කාලයකින් දීර්ඝ විය හැකි බවද ඔහු ප්‍රකාශ කළා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *