අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන්ට දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස දැනුම් දී තිබෙනවා.
විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා සඳහන් කළේ, මහවැලි ගංගා ද්‍රෝණිය ආශ්‍රිත නේවාසිකාගාරවල රැඳී සිටින සිසුන් පවතින අවදානම් තත්ත්වය සැලකිල්ලට ගනිමින් ආරක්ෂිතව කටයුතු කළ යුතු බවයි.
ඊයේ (02) රාත්‍රියේ සිට ප්‍රදේශයට ඇදහැලෙන අඛණ්ඩ වර්ෂාව හේතුවෙන් මහවැලි ගඟේ ජල මට්ටම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවද වාර්තා වනවා.
මේ අතර, ජල මට්ටම ඉහළ යාමත් සමඟ පේරාදෙණිය කළු පාලම අසල සිදුකෙරෙන පාලම් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ වැඩබිම ද ජලයෙන් යටවී ඇති බව සඳහන්.
ඒ හේතුවෙන් එහි තිබූ යන්ත්‍රෝපකරණ රැසක් ජලයෙන් යටවී ඇති අතර, සැඩ ජල පහරට හසුවූ ඇතැම් උපකරණ සහ ද්‍රව්‍ය ගඟ පහළට ගසාගෙන ගොස් ඇති බවද වාර්තා වනවා.







Leave a Reply