යල කන්නයේ වී වගාව සඳහා නව පිරිවැය වාර්තාවක් සකස් කර ඇති බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසනවා.
අනුරාධපුරයේ පැවති විශේෂ ගොවි හමුවකදී අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, කෘෂිකර්ම අමාත්‍යාංශය ඇතුළු ආයතන කිහිපයක් එක්ව මෙම වාර්තාව සකස් කර ඇති බවයි.
ඒ අනුව, රතු නාඩු වී කිලෝවක නිෂ්පාදන පිරිවැය රුපියල් 76ක් ලෙසත්, සුදු නාඩු වී සඳහා රුපියල් 87ක්, සම්බා වී සඳහා රුපියල් 97ක් සහ කීරි සම්බා වී සඳහා රුපියල් 119ක් ලෙසත් ගණනය කර තිබෙනවා.
අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ගොවි සංවිධාන කළ ඉල්ලීමකට අනුව වී නිෂ්පාදන පිරිවැයට සියයට 30ක ලාභයක් එක් කර සාධාරණ සහතික මිලක් නියම කිරීමේ ප්‍රතිපත්තිය රජය ක්‍රියාත්මක කර ඇති බවයි.
එමෙන්ම, හෙක්ටයාරයකට රුපියල් 30,000ක පොහොර සහනාධාරය ද මෙම පිරිවැය ගණනයට ඇතුළත් කර ඇති බව ඔහු සඳහන් කළා.
මේ අතර, අර්තාපල්, ලොකු ලූණු, පාන්පිටි, සහල් සහ බාස්මතී ඇතුළු ආහාර ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් තවදුරටත් විදේශ රටවලින් ආනයනය කිරීමට සිදුව ඇති බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.








Leave a Reply