Loading...

රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබාගෙන පොලිස් කොස්තාපල්වරයෙකු මරුට

පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු මියගොස් තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ, අද (29) අලුයම අදාළ පොලිස් ස්ථානයේ ප්‍රධාන ගේට්ටුව ආසන්නයේදී මෙම සිදුවීම වාර්තා වී ඇති බවයි.

මියගොස් ඇත්තේ 28 හැවිරිදි පේරාදෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු රාජකාරි සඳහා නිකුත් කර තිබූ ගිනි අවිය භාවිත කරගෙන ඇති බවට මූලික තොරතුරු අනාවරණ වී තිබෙනවා.

සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා පානදුර මූලික රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, එහිදී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය සඳහන් කළා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *