සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන කංජිපානි ඉම්රාන්ගේ ප්‍රධාන ගෝලයෙකු වන රත්මලානේ සයිමා නැමැත්තා ඇතුළු තිදෙනෙකු මැලේසියාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ, රත්මලානේ සයිමා විදේශගතව සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් ජාලය මෙහෙයවූ ප්‍රධාන සැකකරුවෙකු බවයි.
ඔහු මෙහෙයවූ මත්ද්‍රව්‍ය ජාලය දිවයිනේ ප්‍රදේශ රැසක ක්‍රියාත්මක වී ඇති අතර, කාන්තාවන් ඇතුළු විවිධ පුද්ගලයන් එම ජාලයට සම්බන්ධ කරගෙන සිටි බවටද විමර්ශනවලදී අනාවරණය වී ඇති බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.







Leave a Reply