අමෙරිකාව සිය ප්‍රහාර නතර කළහොත් තමන්ද ප්‍රහාර නතර කරන බව ඉරානය ප්‍රකාශ කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඉරාන ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කර ඇත්තේ, ඉරානයේ ස්ථාවරය තවදුරටත් “ප්‍රහාරයට ප්‍රහාරයක්” යන ප්‍රතිපත්තිය බවයි.
එහෙත් අමෙරිකාව සිය ගුවන් ප්‍රහාර නතර කළහොත්, ඉරානය ද සිය මෙහෙයුම් අත්හිටුවීමට සූදානම් බවට වන පණිවුඩය දැනටමත් වොෂින්ටනය වෙත දැනුම් දී ඇති බවද ඔහු පවසා තිබෙනවා.
මේ අතර, අමෙරිකාව ද සිය බෝම්බ ප්‍රහාර මෙහෙයුම් තාවකාලිකව නතර කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ සඳහා හේතුව වී ඇත්තේ ප්‍රහාරක ඉලක්ක බොහොමයක් අවසන් වෙමින් පැවතීම සහ අවි සංචිත භාවිතය පිළිබඳව අමෙරිකානු ආරක්ෂක අංශ අවධානය යොමු කිරීම බව සඳහන්.
ඉරානයට එරෙහිව අඛණ්ඩව රාත්‍රී 13ක් ගුවන් ප්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුව පසුගිය සිකුරාදා සිට එම මෙහෙයුම් තාවකාලිකව අත්හිටුවා ඇති අතර, සති අන්තයේ දෙපාර්ශ්වයෙන්ම ප්‍රහාර වාර්තා වී නොමැති බවද විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.
මේ අතර, දෙරට අතර ගැටුම් තාවකාලිකව සමනය වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් ද පහළ ගොස් තිබෙනවා.
ඒ අනුව WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිල 5.21%කින් පහළ ගොස් අමෙරිකානු ඩොලර් 84.66ක් දක්වා අඩුවී ඇති අතර, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල 4.92%කින් පහළ ගොස් අමෙරිකානු ඩොලර් 92.02ක් ලෙස සටහන් වී තිබෙනවා.
මර්බන් (Murban) වර්ගයේ බොරතෙල් මිලද 9.44%කින් පහළ ගොස් ඇති අතර, එහි බැරලයක මිල අමෙරිකානු ඩොලර් 97.05ක් ලෙස වාර්තා වනවා.






Leave a Reply