Loading...

නිදහස් කර නොගත් වාහනවලට රේගුවෙන් වෙන්දේසි තීරණයක්

හම්බන්තොට වරායට ආනයනය කර තිබියදීත් මෙතෙක් නිදහස් කරගෙන නොමැති වාහන 1,025ක් සම්බන්ධයෙන් ඉදිරි නීතිමය පියවර ගැනීමට ශ්‍රී ලංකා රේගුව තීරණය කර තිබෙනවා.

රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා මහතා පැවසුවේ, එම වාහන අතරින් 625ක් මෙරටට ගෙන්වා මාස හයකටත් වැඩි කාලයක් ගතව ඇති බවයි.

අදාළ වාහන කිසිදු රේගු වරදකට අදාළ නොවන බවත්, නමුත් නියමිත කාලය තුළ බදු ගෙවා නිදහස් කර නොගැනීම හේතුවෙන් රේගු ආඥා පනතේ 109 වන වගන්තිය යටතේ ඒවා වෙන්දේසි කිරීම හෝ ටෙන්ඩර් මඟින් අලෙවි කිරීම සඳහා කටයුතු කරන බවත් ඔහු සඳහන් කළා.

රේගු නීතිය අනුව ආනයනය කරන ලද භාණ්ඩ මාසයක් ඇතුළත නිදහස් කරගත යුතු අතර, එසේ නොවන්නේ නම් ඒවා අලෙවි කර රජයට අයවිය යුතු බදු සහ අනෙකුත් ගාස්තු අයකර ගැනීමේ බලය රේගුවට හිමිවනවා.

කෙසේ වෙතත්, සාධාරණ හේතුවක් මත වාහන නිදහස් කරගැනීමට ප්‍රමාද වූ බව ආනයනකරුවන් දැනුම් දෙන්නේ නම්, ඒ පිළිබඳ සලකා බැලීමට අවස්ථාව පවතින බව ද රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *