Loading...

ඉරාන හමුදා ඉලක්ක වෙත අමෙරිකාවෙන් යළි ප්‍රහාර මාලාවක්

අමෙරිකානු හමුදාව ඉරානයේ හමුදා ඉලක්ක රැසක් වෙත තවත් ප්‍රහාර මාලාවක් දියත් කර තිබෙනවා.

අමෙරිකානු මධ්‍යම අණදෙන මූලස්ථානය (CENTCOM) සඳහන් කළේ, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝගයක් අනුව අමෙරිකානු වේලාවෙන් පස්වරු 5.30ට පමණ මෙම මෙහෙයුම ආරම්භ කළ බවයි.

මෙම ප්‍රහාරවල ප්‍රධාන අරමුණ වන්නේ කලාපීය මුහුදු මාර්ගවල ගමන් කරන වාණිජ නෞකාවලට තර්ජනයක් එල්ල කිරීමේ ඉරානයේ හැකියාව තවදුරටත් දුර්වල කිරීම බවද එම නිවේදනයේ සඳහන්.

මේ සමඟ ඉරානයට එරෙහිව අමෙරිකාව අඛණ්ඩව 12 වන දිනටත් ප්‍රහාර එල්ල කර තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *