Loading...

මෂ්හද්හිදී කමේනි අවසන් ගමන් යයි – අවමංගල්‍ය අතරවාරයේ දී යුද උණුසුම තවත් ඉහළට

ඉරානයේ හිටපු උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ දේහය ඉරානයේ ශියා මුස්ලිම්වරුන්ගේ පුජනීය ස්ථානයක් වන මෂ්හද් නගරයේ පිහිටි ඉමාම් රෙසා දේවස්ථානයේදී මිහිදන් කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉරානය සහ අසල්වැසි ඉරානයේ නගර කිහිපයක දින 6ක් පුරා පැවැති මහජන ශෝක උත්සවයන්ගෙන් පසුව අවසන් ආගමික කටයුතුවලින් අනතුරුව මෙම මිහිදන් කිරීම සිදුකළ බවයි.

අවමංගල්‍යය උත්සවය පැවැත්වෙන අවස්ථාවේ අමෙරිකාව සහ ඉරානය අතර නැවත ප්‍රහාර මාලාවක් සිදුව ඇති බවද වාර්තා වනවා.

විදෙස් විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ කමේනිගේ මරණයට හේතු වූ යුද්ධය අවසන් කිරීම සඳහා පැවැති මුලික එකඟතා කෙරෙහි ද මෙම ප්‍රහාරවලින් බලපෑම් එල්ල විය හැකි බවයි.

මේ අතර අවමංගල්‍ය උත්සවයට බාධා කිරීමේ අරමුණින් ටෙහෙරානය සහ මෂ්හද් නගරය සම්බන්ධ කරන දුම්රිය මාර්ගයේ පාලම් දෙකකට අමෙරිකාව විසින් එක රැයකින් බෝම්බ හෙලූ බවට ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය චෝදනා කරනවා.

ඉරානයේ හිටපු උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් කිහිපදෙනෙකු පසුගිය පෙබරවාරි 28 වැනිදා ටෙහෙරානයේ පිහිටි ඔහුගේ නිවසට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයකින් මියගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

ඉන් අනතුරුව උත්තරීතර නායක ධුරයට ඔහුගේ පුත් මොජ්තාබා කමේනි පත්කර ඇති අතර, එම ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ බවට වාර්තා වීමෙන් පසු ඔහු මෙතෙක් මහජනතාව ඉදිරියේ පෙනී සිට නොමැති බවද සඳහන්.

එමෙන්ම, ටෙහෙරානය සහ කොම් නගරවල පැවති අවමංගල්‍ය උත්සවවලට මොජ්තාබා කමේනි සහභාගි වී නොමැති අතර, මෂ්හද්හි පැවති මිහිදන් කිරීමේ අවස්ථාවටද ඔහු එක්වූ බවට කිසිදු නිල තහවුරු කිරීමක් නොමැති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.

මේ අතර, අද උදෑසන ඉරාකයේ සිට මෂ්හද් නගරය වෙත පැමිණි විශේෂ ගුවන් යානයකින් අලි කමේනි, ඔහුගේ මිණිබිරිය, බෑණනුවන්, දියණිය සහ මොජ්තාබා කමේනිගේ බිරිඳගේ දේහ රැගෙන එනු ලැබූ බවද වාර්තා වනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *