පාකිස්ථානයේ ලියාපදිංචි භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදහන් වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෂාර්ජා සිට පකිස්තානයේ කරාචි බලා පියාසර කරමින් තිබූ බෝයිං 737 වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් මාර්ගෝපදේශන පද්ධතියේ දෝෂයක් වාර්තා කිරීමෙන් අනතුරුව ගුවන් ගමනාගමන පාලකයන් සමඟ තිබූ සම්බන්ධතාව බිඳ වැටී ඇති බවයි.
සිද්ධිය සිදුවන අවස්ථාවේ ගුවන් යානයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් පස් දෙනෙක් සිට ඇති බව පාකිස්තාන ගුවන් සේවා බලධාරීන් පවසනවා.
Flightradar24 හි මූලික ගුවන් ගමන් දත්තවලට අනුව, වසර 27ක් පැරණි මෙම ගුවන් යානය කරාචි නගරයට නිරිතදිග මුහුදු කලාපය ආසන්නයට පැමිණෙන අවස්ථාවේදී එහි පියාසර උස කිහිප වතාවක් හදිසියේ වෙනස් වී තිබෙනවා.
ඉන් පසුව එය ශීඝ්‍රයෙන් පහළ බැස ඇති බව Flightradar24හි දත්තවලින් පෙන්වා දී ඇති බව සඳහන්.
එම දත්ත සැලකිල්ලට ගනිමින්, ගුවන් යානය මුහුදට කඩා වැටී තිබිය හැකි බවට සැක මතුව ඇති නමුත්, ඒ සම්බන්ධයෙන් මෙතෙක් නිල තහවුරු කිරීමක් සිදුකර නොමැත.
මේ අතර, සිද්ධියට අදාළ සෝදිසි සහ ගලවා ගැනීමේ මෙහෙයුම් මේ වන විට ආරම්භ කර ඇති අතර, ගුවන් යානයේ සිටි කාර්ය මණ්ඩලය සහ යානයේ වත්මන් තත්ත්වය පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතෙක් නිකුත් වී නැහැ.








Leave a Reply