මීගමුව බන්ධනාගාර ගැටුම පිළිබඳව තමන් දැඩි කම්පනයට සහ කණගාටුවට පත්ව සිටින බව අධිකරණ අමාත්‍ය නිතීඥ හර්ෂණ නානායක්කාර මහතා පවසනවා.
අද (06) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.
තමා යටතේ ඇති ආයතනයක මෙවැනි ගැටුමක් හට ගත් බැවින් එහි වගකීම තමාට භාරගැනීමට සිදුවන බවයි ඔහු මෙහිදී කියා සිටියේ.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ කෙසේ වෙතත් මේ වන විට තත්ත්වය සමතයකට පත්කර ඇති බවත් කාගේ හෝ ජීවිතයක් අහිමි වීම අනුමත කළ නොහැකි බවත්ය.
ඉදිරියේ දී මෙවැනි තත්ත්වයක් ඇති නොවීමට කටයුතු කරන බවද ඒ මහතා මාධ්‍ය හමුවේ පවසා සිටියා.
“එතැන මනුස්ස ජීවිත නැතිවීම ගැන බලවත් කම්පනයක් තියෙනවා. මියගිය අයගේ පවුල්වල අයගේ පවුල්වලට බලවත් ශෝකය සහ කනගාටුව ප්‍රකාශ කරන්න ඕනේ. අපි එතැනට ගිහින් වෙලා තියෙන දේ හොයලා ඉදිරියේ දී මෙවැනි දෙයක් නොවෙන්න වග බලාගන්න ඕනේ. කාටවත් මේකේ වරද පටවනවා නෙමෙයි. ඇත්තටම කම්පනයක් තියෙනවා අධිකරණ ඇමතිවරයා වශයෙන් මගේ භාරයේ තියෙන ආයතනයකයි මේක වෙන්නේ. ඒ නිසා ඒ වගකීම භාරගන්න වෙනවා.
දැන් තියෙන්නේ පසුතැවීමට වඩා මේක වුණේ කොහොමද? ප්‍රශ්නේ කොතැන ද? කවුරු හෝ වැරදියට කටයුතු කරලා තියෙනවා ද ? ගැටලුව ඇති වුණේ කොහොමද ? ඉදිරියේ දී මේවා ඇති නොවන්නේ කොහොමද කියලා බලන එක. ඉතා ඉක්මනින් මේකට පිළියම් යොදන්න ඕනේ කියන තැන ඉන්නවා.
සමහර වෙලාවට මෙවැනි දේවල් සිදුවෙනවා. මේක සාධරණීකරණය කරන්නත් බෑ. සුළු කොට තකන්නත් බෑ. මොකද මිනිස් ජීවිත නැති වෙලා තියෙනවා. මේ ගැන තව හොයලා බලන්න ඕනේ.”





Leave a Reply