Loading...

රඛිත සහ චරිත් ඇතුළු තිදෙනාගේ නඩුව පස්වරු 2 දක්වා කල් යයි

සංවිධානාත්මක අපරාධකරුවෙකුට පහසුකම් සැලසීම සඳහා ඔහුගේ බිරිඳගෙන් රුපියල් කෝටි 12ක අල්ලසක් ඉල්ලා ලබාගත් බව කියන සිද්ධියට අදාළ නඩුව අද (03) පස්වරු 2.00ට යළි කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා නියෝග කළා.

මෙලෙස නඩුවට පෙනී සිටින්නේ අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නීතිඥ රඛිත නිර්මල රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක චරිත් වසන්ත කුමාර අබේසිංහ සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ හා ගුවන් තොටුපළ සහ ගුවන් සේවා ශ්‍රී ලංකා සමාගමේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වූ වරුෂහැන්නැදිගේ අරුණ ශ්‍රී චතුරංග යන සැකකරුවන්.

නඩුව අද කැඳවූ අවස්ථාවේදී පළමු සැකකරු වෙනුවෙන් පෙනී සිටින ජ්‍යෙෂ්ඨ නීතිඥ අසෝක වීරසූරිය මහතා ඉහළ අධිකරණයේ වෙනත් නඩුවකට පෙනී සිටින බැවින්, නඩුව පසුව කැඳවන ලෙස නීතිඥ සංජය මාරඹේ මහතා අධිකරණයෙන් ඉල්ලීමක් කළා.

ඒ අනුව නඩුව අද පස්වරු 2.00ට යළි කැඳවීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *