Loading...

එංගලන්ත කාන්තා කණ්ඩායම අවසන් මහා තරඟයට සුදුසුකම් ලබයි

කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ දෙවන අවසන් පූර්ව තරඟයෙන් දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම ලකුණු 40කින් සත්කාර එංගලන්ත කාන්තා කණ්ඩායම හමුවේ පරාජයට පත් වුණා.

ඒ අනුව ඔවුන් ලබන ඉරිදා ඕස්ට්‍රේලියාව සමඟ ලෝර්ඩ්ස් පිටියේ දී තරඟ කරනු ඇති.

ලන්ඩන් ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති තරඟයේ පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 169ක් රැස් කළා.

එංගලන්ත නායිකා නැට් ස්කයිවර්-බ්‍රන්ට් පන්දු 47කින් ලකුණු 75ක් ලබාගත්තා.

ඊට හයේ පහරක් සහ හතරේ පහර 11ක් ඇතුළත් වුණා.

හෙදර් නයිට් ලකුණු 58ක් රැස් කළා.

ලකුණු 170ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 129ක් පමණක් ලබාගැනීමට සමත් වුණා.

ටස්මින් බ්‍රිට්ස් ලකුණු 51ක් රැස් කළ අතර, නායිකා ලෝරා වොල්වාර්ඩ්ට් ලකුණු 17ක් ලබා ගත්තද එය දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ජයග්‍රහණයට ප්‍රමාණවත් වුයේ නැහැ.

එංගලන්තය වෙනුවෙන් පන්දු යැවීමේදී ලෝරන් බෙල් සහ චාලි ඩීන් කඩුලු දෙක බැගින් දවා ගත් අතර, ලින්සි ස්මිත් එක් කඩුල්ලක් දවා ගත්තා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *