බස් ගාස්තු සංශෝධනය කිරීම සඳහා ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ, දැනට ක්‍රියාත්මක බස් ගාස්තු ප්‍රතිපත්තියට අනුව සෑම වසරකම ජූලි 01 වැනිදා බස් ගාස්තු සංශෝධනය ප්‍රකාශයට පත් කිරීම ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ වගකීමක් බවයි.
මෙවර සංශෝධනය සඳහා මැදපෙරදිග යුද තත්ත්වය හේතුවෙන් ඉන්ධන මිලෙහි ඇති වූ උච්ඡාවචනයන්, අනෙකුත් ධාවන වියදම්, දැනට භාවිත කරන බස්රථ මාදිලි, අමෙරිකානු ඩොලරයේ අගය වෙනස්වීම්, බස්රථ අමතර කොටස්වල මිල ගණන් මෙන්ම අධිවේගී මාර්ගවල සහ පතුල පහත් බස්රථ සේවාවල මෙහෙයුම් පිරිවැය ද සැලකිල්ලට ගෙන ඇති බවද ඔහු සඳහන් කළා.
ඒ අනුව දැනට පවතින බස් ගාස්තු සූත්‍රය සහ ගාස්තු ව්‍යුහය යාවත්කාලීන කිරීම සඳහා ජාතික ගමනාගමන කොමිෂන් සභාව පත් කළ කමිටුවේ නිර්දේශ සලකා බලා මෙම ගාස්තු සංශෝධනය සිදුකර ඇති බව සඳහන්.
එමෙන්ම 2026 ජූනි 30 වැනිදා සිට ක්‍රියාත්මක වන ඉන්ධන මිල සංශෝධනය ද සැලකිල්ලට ගනිමින් බස් ගාස්තු සංශෝධනය කිරීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බවයි අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් කියා සිටියා.







Leave a Reply