Loading...

මැදපෙරදිග යුද්ධයේ බලපෑමෙන් ලංකාවේ ඉන්ධන ආනයන වියදම 112%කින් ඉහළට

මැදපෙරදිග පවතින යුද තත්ත්වය හේතුවෙන් ඉන්ධන මිල ගණන් සහ ආනයන පරිමාව ඉහල යාම සමඟ 2026 මැයි මසදී ශ්‍රී ලංකාවේ ඉන්ධන ආනයන වියදම අමෙරිකානු ඩොලර් මිලියන 536ක් දක්වා වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත ඉහළ ගොස් තිබෙනවා.

මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙන්නේ එය 2025 මැයි මසදී පැවැති ඩොලර් මිලියන 252.8ට සාපේක්ෂව 112%ක වාර්ෂික වර්ධනයක් බවයි.

පිරිපහදු කළ ඛනිජ තෙල් ආනයන වියදම ඉහළ යාම ඊට ප්‍රධාන හේතුව වී තිබෙනවා.

2025 මැයි මසදී පිරිපහදුව කළ ඛනිජ තෙල් ආනයන වියදම ඩොලර් මිලියන 197.2ක් වූ අතර 2026 මැයි මසදී එය ඩොලර් මිලියන 418.7ක් දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්.

තවද බොරතෙල් ආනයන වියදම මැයි මසදී ඩොලර් මිලියන 55.5 සිට 2026 මැයි මසදී ඩොලර් මිලියන 94.9ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා.

එය 70.9%ක වර්ධනයකි.

ගල් අඟුරු ආනයන වියදම ද 2025 දී පැවැති ඩොලර් මිලියන 0.1 සිට 2026දී ඩොලර් මිලියන 22.4ක් දක්වා ඉහළ ඉහළ ගොස් ඇත.

එහි වෙනස ප්‍රතිශතයක් ලෙස 30% සිට 200%ක් බවද මහ බැංකුව සඳහන් කරනවා.

2026 ජනවාරි සිට මැයි දක්වා කාලය තුළ මෙරට සමස්ත ඉන්ධන ආනයන වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 2,703.7ක් ලෙස වාර්තා වී ඇති අතර, 2025 වසරේ එම කාලසීමාවේදී එය ඩොලර් මිලියන 1,664.2ක් විය. ඒ අනුව, ඉන්ධන ආනයන වියදම සියයට 62.5කින් ඉහළ ගොස් තිබෙනවා.

එහෙත්, 2026 මැයි මාසයේ ඉන්ධන ආනයන වියදම අප්‍රේල් මාසයට සාපේක්ෂව සියයට 39.5කින් පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *