දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපතිනි ශ්‍යමිලා පෙරේරා මහත්මිය ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (30) නියෝග කළා.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කළේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් සහ සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි.
මේ අනුව රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකාරිය මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා ඇයගේ විදේශ ගමන් ද තහනම් කර තිබෙනවා.
එමෙන්ම ඇය සතු විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදෙන ලෙස ද නියෝග කර ඇති බව සඳහන්.
ඇප මත මුදා හැරීමෙන් අනතුරුව නඩුවේ සාක්ෂිකරුවන්ට කිසිදු ආකාරයකින් බලපෑම් නොකරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා සැකකාරියට අවවාද කළා.
ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපතිනී ශ්‍යාමිලා පෙරේරා මහත්මිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද (30) අත්අඩංගුවට ගෙන තිබුණා.
ඇය මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ 2015 සහ 2019 යන කාලසීමාවන් අතරතුර ජාතික ලොතරැයි මණ්ඩලයට බඳවා ගත් සේවකයන් තිදෙනෙක් එම රාජ්‍ය ආයතනයේ සේවය සඳහා යෙදවීම වෙනුවට හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතාගේ කාර්ය මණ්ඩලයේ සේවය සඳහා අනුයුක්ත කර සිටි බවට එල්ල වූ චෝදනාව මතයි.







Leave a Reply