මෙරට සංචාරයක නිරත වූ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය අද (30) දින දිවයිනේ පිටත්ව යෑමට නියමිතව තිබෙනවා.
මෙරට වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව සොයා බැලීමට සහ IMF විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ ක්‍රියාත්මක වන ආර්ථික ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය සාකච්ඡා කිරීම සඳහා පසුගිය ජුනි මස 24 වන දින දිවයිනට පැමිණියා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා ප්‍රධානී ඊවන් පැපගෙයෝර්ගියු පවසන්නේ මැදපෙරදිග යුද වාතාවරණය හමුවේ වුවද, ශ්‍රී ලංකා බලධාරීන් ගත් කඩිනම් පියවර නිසා රටේ ආර්ථික සහ සමාජයීය ස්ථාවරත්වය රැක ගැනීමට හැකි වූ බවයි.
තවද රට තුළ ක්‍රියාත්මක වන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල නිසා මෙවැනි අර්බුදවලට මුහුණ දීම අවශ්‍ය ශක්තිය ලැබී ඇති බවද ඔහු කියා සිටිනවා.







Leave a Reply