අමෙරිකානු ගුවන් හමුදාව විසින් ඉරානයේ මිසයිල සහ ඩ්‍රෝන යානා ගබඩාවලට මාලාවක් එල්ලකර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඉරානය විසින් හෝමූස් සමුද්‍ර සන්ධියේ දී නැවකට එල්ල කළ බවට පැවසෙන ප්‍රහාරයට ප්‍රතිචාරයක් ලෙසට මෙය සිදුකර ඇති බවයි.
මෙම ප්‍රහාරය ඉරාන වෙරළබඩ රේඩාර් මධ්‍යස්ථානය වෙත ද ප්‍රහාර එල්ල වී තිබෙනවා.
මේ සම්බන්ධව සිය Truth Social හි සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ සටන් විරාම ගිවිසුම ඉරානය විසින් නැවත වතාවක් උල්ලංඝනය කර ඇති බවයි.
කිසිදා ඔවුන් ඉගෙන නොගන්නා බව පෙනෙන්නට ඇති බවත් ඉදිරියේ දී තවදුරටත් සාධාරණ ලෙස කටයුතු කිරීමට නොහැකි බවත් එම සටහනෙන් ඔහු සඳහන් කර තිබෙනවා.
එලෙස සිදුවනවා නම් මීට පෙර තමන් විසින් ඉතා සාර්ථකව ආරම්භ කළ මිලිටරි ක්‍රියාමාර්ග සම්පුර්ණයෙන්ම අවසන් කිරීමට සිදුවනු ඇති බව ට්‍රම්ප් පෙන්වා දෙනවා.
අමෙරිකානු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ එම ක්‍රියාමාර්ග ඔස්සේ ඉරාන ඉස්ලාමීය ජනරජය මෙලොවින් සදහටම නැතිවී යනු ඇති බවයි.







Leave a Reply