Loading...

දියතලාවේ මාරක රිය අනතුරක්

කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් අඩි 20ක් පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ අද (27) අළුයම අනතුරක් සිදුව තිබෙනවා.

අද (27) අළුයම 1.10ට පමණ දියතලාව දුම්රිය පොළ ආසන්නයේ දී මෙම අනතුර සිදුව ඇත.

පොලීසිය සඳහන් කළේ අනතුරින් පුද්ගලයින් 42 දෙදෙනෙක් තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි.

තුවාලකරුවන් මේ වන විට දියතලාව රෝහලට ඇතුළත් කර තිබෙනවා.

රෝහලට ඇතුළත් කර රෝගීන් අතරින් දෙදෙනෙක්ගේ තත්ත්වය බරපතළ බවයි රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළේ.

ඒ අනුව ඉන් අයෙකුගේ බදුල්ල මහ රෝහල වෙත මාරු කර යවා ඇති බව වාර්තා වනවා.

අනතුර සම්බන්ධයෙන් දියතලාව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *