මාතර තලල්ල මාර්ගයේ වජිර වංශ මාවත ප්‍රදේශයේ දී පෞද්ගලික බස් රථ දෙකක මුහුණට මුහුණ ගැටී අනතුරක් අද (26) උදෑසන සිදුව තිබෙනවා.
පොලීසිය පැවසුවේ අනතුරින් පුද්ගලයින් 40කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි.
ගාල්ල සිට අම්පාර දක්වා ධාවනය වූ බස් රථයක් සහ තංගල්ල සිට මාතර දක්වා ධාවනය වූ බස් රථයක් මෙලෙස මුහුණට මුහුණ ගැටී ඇති බව සඳහන්.
අනතුරින් තුවාල ලැබූවන් මාතර සහ බතීගම රෝහලට ඇතුළත් කර තිබෙනවා.
අනතුර සම්බන්ධව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.







Leave a Reply