මින් පසු අස්වැසුම ප්‍රතිලාභ යෝජනා ක්‍රමය මඟින් දීමනා ගෙවීම් සිදු කරන්නේ දුප්පත් සහ අන්ත දිළිඳු පවුල් සඳහා පමණක් බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.
2023 වසරේ සිට අස්වැසුම ප්‍රතිලාභ යෝජනා ක්‍රමය ආරම්භ කරනු ලැබුවා.
එම මණ්ඩලය සඳහන් කරන්නේ එහි දෙවන අදියර මේ වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
2023 වසරේ දී කාණ්ඩ 4ක් යටතේ ලක්ෂ 16කට ආසන්න පිරිසකට අස්වැසුම දීමනා හිමි වුණා.
2025 අප්‍රේල් මසදී ඉන් සිව්වන කාණ්ඩය වන සංක්‍රාන්තික කාණ්ඩයේ ප්‍රතිලාභීන් 315000කට ගෙවීම් නතර කර තිබෙනවා.
මෙහි තෙවන කාණ්ඩය වන අවධානමට ලක්වූ කාණ්ඩයට අයත් ප්‍රතිලාභීන් 425000කට මේ වසරේ ජුනි මස සිට අස්වැසුම දීමනාව නතර කර ඇති බව සඳහන්.
මෙම කාණ්ඩ දෙක තුළ සිටින පවුල් අතර දුප්පත් හෝ අන්ත දිළිඳු තත්ත්වයට පත්ව සිටින පවුල ඇත්නම් අදාළ පුද්ගලයින්ට නැවත අස්වැසුම ප්‍රතිලාභ ලබා ගැනීමට හැකියාව පවතින බවද වාර්තා වනවා.
සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සහකාර කොමසාරිස් අශාන් දර්ශක මහතා පවසන්නේ මෙම කාණ්ඩ දෙක තුළ සිටින පවුල් අතර දුප්පත් හෝ අන්ත දිළිදු තත්ත්වයට පත්ව සිටින පවුල් ඇත්නම් ඔවුන්ට නැවත අස්වැසුම ප්‍රතිලාභ ලබාගැනීමට හැකියාව පවතින බවයි.







Leave a Reply