දිවයින පුරා ව්‍යාප්ත වෙමින් පවතින ඩෙංගු රෝගය පාලනය කිරීම සහ මර්දන කටයුතු කඩිනම් කිරීමේ අරමුණින් දිස්ත්‍රික්ක 14කට අයත් ග්‍රාම නිලධාරී වසම් 538ක් අධි අවදානම් කලාප ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ විශේෂ නිවේදනයක සඳහන් වන්නේ, ඩෙංගු ව්‍යාප්තියෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ බස්නාහිර පළාතට බවයි.
ඒ අනුව කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී වසම් බහුතරයක් මෙම අධි අවදානම් ලැයිස්තුවට ඇතුළත් කර තිබෙනවා.
කොළඹ දිස්ත්‍රික්කයේ මහරගම, පිලියන්දල, හෝමාගම, කඩුවෙල, බොරලැස්ගමුව, දෙහිවල, එගොඩඋයන සහ ගෝතටුව ඇතුළු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස රැසක ග්‍රාම නිලධාරී වසම් අධි අවදානම් සහිත ලෙස හඳුනාගෙන ඇති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල, සීදුව, කැලණිය, රාගම, මිනුවන්ගොඩ, මීගමුව, බියගම, වත්තල, කටාන සහ මහර ප්‍රදේශවල ග්‍රාම නිලධාරී වසම් ද අධි අවදානම් කලාප ලෙස නම් කර තිබෙනවා.
කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම, හොරණ, ඉංගිරිය, මතුගම, පාණදුර, වඩ්ඩුව, කළුතර සහ පායගල ප්‍රදේශවල වසම් ද මෙම ලැයිස්තුවට ඇතුළත් බව සඳහන්.
මීට අමතරව ගාල්ල, හම්බන්තොට, මාතර, මහනුවර, මාතලේ, රත්නපුර, කෑගල්ල, කුරුණෑගල, පුත්තලම, බදුල්ල සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී වසම් රැසක් ද අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන තිබෙනවා.
අදාළ ප්‍රදේශවල ජනතාව ඩෙංගු මදුරු බෝවන ස්ථාන විනාශ කිරීම සහ සෞඛ්‍ය අංශ ලබාදෙන උපදෙස් දැඩිව පිළිපැදීම අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය බලධාරීන් අවධාරණය කරනවා.








Leave a Reply