Loading...

ජනපතිගෙන් තවත් විශේෂ කොමිෂන් සභාවක්

රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුම් සම්බන්ධ ගැටළු නිරාකරණය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් සාමාජිකයින් 15 දෙනෙකුගෙන් යුත් වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවක් පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මෙම කොමිෂන් සභාව තෙල්ගේ අශෝක පීරිස් මහතා සභාපතිත්වයෙන් පත්කර ඇත.

රාජ්‍ය නිලධාරීන් සහ විශ්‍රාමිකයන් මුහුණ දෙන වැටුප් හා විශ්‍රාම වැටුප් සම්බන්ධ ගැටලු සඳහා විසඳුම් සෙවීම, රාජ්‍ය සේවකයන්ගේ වෘත්තීය මට්ටම ඉහළ නැංවීම සහ නව තාක්ෂණික හා ගෝලීය ප්‍රවණතා සමඟ ගැළපෙන පරිදි රාජ්‍ය සේවයේ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සඳහා නිර්දේශ ලබා ගැනීමේ අරමුණින් අදාළ කොමිෂන් සභාව ස්ථාපිත කර ඇති බව සඳහන්.

මේ අනුව, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වැනි ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයාට හිමි බලතල අනුව මෙම පත් කිරීම සිදු කර ඇති බව ද වාර්තා වනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *