ඉස්ලාම් දහමට අපහාසාත්මක වන අයුරින් ප්‍රකාශ සිදු කිරීම හරහා ජාතීන් අතර සංහිදියාව බිඳ හෙළීමට ක්‍රියා කළ බවට චෝදනාවට වරදකරු කළ බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කරනු ලැබූ මාස 9ක සිරදඬුවම කොළඹ මහාධිකරණය විසින් අද (23) තහවුරු කළා.
කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් මෙම තීන්දුව ලබාදුන්නේ එම සිරදඬුවමින් තමන් වහන්සේව නිදොස්කොට නිදහස් කරන ලෙස ඉල්ලා ඥානසාර හිමියන් විසින් ඉදිරිපත් කළ අභියාචනයක් ප්‍රතික්ෂේප කරමිනි.
2016 වසරේ කිරුළපන ප්‍රදේශයේ පැවැති මාධ්‍ය හමුවකදී ඉස්ලාම් දහමට අපහාස වන අයුරින් ප්‍රකාශයක් සිදු කිරීම තුළින් ජාතීන් අතර සංහිදියාව උල්ලංඝනය වන අයුරින් කටයුතු කළ බවට චෝදනා කරමින් දණ්ඩ නීති සංග්‍රහය යටතේ පොලීසිය විසින් ඥානසාර හිමියන්ට එරෙහිව නඩුවක් ගොනු කර තිබුණා.
අදාළ නඩු විභාගයකින් අනතුරුව එම චෝදනාවට වැරදිකරු කළ ඥානසාර හිමියන්ට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මෙම දඬුවම නියම කරනු ලැබුවා.







Leave a Reply