ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට සංවිධානාත්මක අපරාධ මර්ධනය කිරීමට සහ මහජන අයිතීන් සුරැකීමට නව නීතියක් හඳුන්වා දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ඔහු මෙම අදහස් පළකර ඇත්තේ ඇගලුම් ක්ෂේත්රයේ ව්‍යාපාරිකයින් පිරිසක් ඊයේ (22) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී හමුවූ අවස්ථාවේදීයි.
දැනට පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට සංවිධානාත්මක අපරාධ වැළැක්වීම සහ මහජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම අරමුණු කරගත් නව නීතියක් මෙරටට හඳුන්වා දීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර තිබෙනවා.
දිගු කාලයක් පුරා දේශීය හා ජාත්‍යන්තර වශයෙන් විවේචනයට ලක්වූ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කර, සංවිධානාත්මක අපරාධ මර්දනය සඳහා වත්මන් අවශ්‍යතාවන්ට ගැළපෙන නව නීතිමය රාමුවක් හඳුන්වා දීමට රජය අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා සඳහන් කළා.
ඔහු පෙන්වා දුන්නේ එමඟින් ජනතාවගේ මානව හිමිකම් හා මූලික නිදහස තවදුරටත් ආරක්ෂා කිරීම අරමුණ බවයි.







Leave a Reply