Loading...

ආනන්ද මන්ත්‍රී ධුරයට නුසුදුසු බව ප්‍රකාශ කරන්නැයි ඉල්ලූ පෙත්සම විභාගයට

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දැරීමට නුසුදුස්සෙක් බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ අභියාචනය විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (22) අවසර ලබාදුන්නා.

ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාලක ලේකම් රේණුක පෙරේරා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස තේරී පත්වීමෙන් පසුව ආනන්ද විජේපාල මහතා ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස කටයුතු කරන බවත් ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව ඔහුට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරිමට සුදුසුකමක් නොමැති බවට තීන්දුවක් ලබා දෙන්න ලෙසත් ඉල්ලා මෙම අභියාචනා පෙත්සම ඉදිරිපත් කර තිබුණා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *