සෑම වසරකම සිදුවන වාර්ෂික බස් ගාස්තු සංශෝධන මේ වසරේ ජුලි 3 වනදා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා.
කොළඹ අද (21) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ සෑම වසරකම ජුලි 1 වනදා ක්‍රියාත්මක කිරීමට නියමිත බස් ගාස්තු සංශෝධන වර්තමානයේ සිදුවන මාසික ඉන්ධන සංශෝධනය සම්බන්ධව අවධානය යොමු කරමින් ජුලි මස 3 වනදා ක්‍රියාත්මක කිරීමට මේ වන විට අවධානය යොමුව ඇති බවයි.
මෙම ගාස්තු සංශෝධන සම්බන්ධව ඉදිරියේ අනෙක් බස් සංගම් සමඟ ඉදිරියේ සාකච්ඡා කරන බවද ඒ මහතා පැවසුවා.
මේ මොහොතේ යම් ආකාරයකින් ඉන්ධන මිල සංශෝධනයේ දී ඩීසල් මිල අඩු වුවහොත් මාස 6ක් පුරාවට කිසිඳු බස් ගාස්තු අඩු කිරීමකින් තොරව බස් ගාස්තුව පවත්වාගෙන යන බවද ඔහු මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.
“ඩීසල් අඩුවුණත් අපි මාස 6ක් පුරා අපි බස් ගාස්තු අඩු කරන්න කටයුතු කරන්නේ නෑ. මොකද කර්මාන්තයට බරපතළ අර්බුදයක් තිබෙනවා. මේ මාසයේ ජූනි 1 වැනිදා සිට ජුනි අග වෙනකන් මේ මාසේ ඇතුළත රුපියල් 25ක පාඩුවෙන් රුපියල් කෝටි 60ක පාඩුවක් වෙලා තිබෙනවා. අපි කියන්නේ මේ සංශෝධනය හදාගන්න වෙනවා ඩීසල් මිල අඩු කළාට මාස 6ක් වෙනකන් අපි අඩු කරන්නේ නෑ. පුළුවන් නම් අපිට නඩු දාන්න අපි කියනවා ප්‍රතිපත්තියක් විදිහට කිසි තැනක සඳහන් කරලා නෑ ඩීසල් අඩු කළාට බස් ගාස්තු අඩු කරන්න ඕනේ කියලා.”








Leave a Reply