ලෝක වෙළෙඳපොලේ ඉන්ධන මිල අඩුවීම සැලකිල්ලට ගනිමින් පාකිස්ථාන රජය ඉන්ධන මිල අඩු කිරීමට තීරණය කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මේ අනුව පෙට්‍රල් ලීටරයක මිල පාකිස්ථාන රුපියල් 299ක් දක්වා රුපියල් 74කින් අඩු කර ඇති බව සඳහන්.
ඩීසල් ලීටරයක මිල පාකිස්ථාන රුපියල් 311ක් දක්වා රුපියල් 67කින් මිල පහළ දමා ඇති බව වාර්තා වනවා.
මේ වසරේ පෙබරවාරි මස ඉරාන අමෙරිකා ගැටුම් ආරම්භ වීමත් සමඟ ඉන්ධන සැපයුමට එල්ල වූ බාධා සැලකිල්ලට ගනිමින් රට තුළ ඉන්ධන මිල ඉහළ දැමීමට පාකිස්ථාන රජය පියවර ගෙන තිබුණා.
නිවේදනයක් නිකුත් කරමින් පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා පවසන්නේ යුද්ධය අවසන් කිරීම සඳහා අමෙරිකාව සහ ඉරානය ගිවිසුමකට එළැඹීවීම සමඟ ලෝක වෙළෙඳපොලේ ඉන්ධන දිගින් දිගටම අඩුවීම සැලකිල්ලට ගනිමින් එහි පූර්ණ ප්‍රතිලාභය පාරිභෝගික ජනතාවට ලබාදෙන බවයි.







Leave a Reply