පළාත් සභා මැතිවරණය පැවැත්විය හැකි ක්‍රම සම්බන්ධ නිරීක්ෂණ ඇතුළත් වාර්තාවක් ඒ සම්බන්ධව අධ්‍යයනයට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට යොමු කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
එම සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල් රත්නායක මහතා කියා සිටියේ පළාත් සභා ක්‍රමවේදය 4කට පැවැත්විය හැකි බව මේ වන විට කාරක සභාව හමුවේ ප්‍රකාශ වී ඇති බවයි.
පෙර පැවැති පළාත් සභා මැතිවරණ ක්‍රමය, එම ක්‍රමයට කාන්තා හා තරුණ නියෝජනය ඇතුළත් කර මැතිවරණය පැවැත්වීම, සීමා නිර්ණය ගැටළු හේතුවෙන් පාර්ලිමේන්තුවේ අතර මඟ නවතා දමා ඇති පළාත් සභා මැතිවරණ ක්‍රමය හා නව සීමා නිර්ණය වාර්තා පදනම් කරමින් සකස් කරන ක්‍රමයකින් පළාත් සභා මැතිවරණය පැවැත්වීම එම ක්‍රම 4 වනවා.
මේ අනුව අදාළ මැතිවරණ ක්‍රම සම්බන්ධව මැතිවරණ කොමිසමේ නිරීක්ෂණ පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට ඉදිරිපත් කළා.
ඊට අමතරව එම ක්‍රමයන් යටතේ මැතිවරණයක් ප්‍රකාශයට පත්කළහොත් ඒ සඳහා නාම යෝජනා කැඳවීම ඇතුළු කටයුතු සඳහා වැයවන කාලයද එම වාර්තාවට අන්තර්ගත කළ බවද මැතිවරණ කොමිසම පැවසුවා.







Leave a Reply