අමෙරිකාවේ ධවල මන්දිරය ඉලක්ක කරගනිමින් සිදුවීමට ගිය දරුණු ප්‍රහාර මාලාවක් අමෙරිකානු FBI ආයතනය විසින් ව්‍යර්ථ කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ අමෙරිකාවේ පසුගිය ඉරිදා දින ධවල මන්දිරයේ පැවැත්වීමට නියමිතව තිබූ UFC තරඟාවලියක් ඉලක්ක කරගනිමින් සැලසුම් කර තිබූ දරුණු ප්‍රහාර මාලාවක් මෙලෙස ව්‍යර්ථ කර ඇති බවයි.
කුමන්ත්රණකරුවන් විසින් පුපුරන ද්‍රව්‍ය රැගත් ඩ්‍රෝන භාවිතා කරමින් අදාළ තරඟය නැරඹීමට පැමිණෙන අතිවිශාල ජනතාවක් ඉලක්ක කරගනිමින් දරුණු ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කර තිබූ බව සඳහන්.
බුද්ධි තොරතුරු මත ක්‍රියාත්මක වූ ආරක්ෂක අංශ විසින් අදාළ සැලසුම ක්‍රියාත්මක කිරීමට පෙර සැකකරුවන් පස් දෙනෙක් අල්ලා ගැනීමට සමත්ව ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.
ප්‍රහාර එල්ල කිරීමට සුදානම් කර තිබූ දිනයේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ 80 වන උපන්දින සැමරුම ද යෙදී තිබූ බව සඳහන්.
මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, උප ජනාධිපති ජේ.ඩී. වැන්ස්, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ එලොන් මස්ක් වැනි කිහිපදෙනෙකු ප්‍රහාරකයින්ගේ ඉලක්කය වී ඇති බවයි.
කෙසේවෙතත් ඔවුන් සියලුදෙනා මෙම උත්සව අවස්ථාවට සහභාගී නොතිබූ බවද වාර්තා වනවා.







Leave a Reply