Loading...

ජුනි 20 සිට ආසන පටි නීතිය දැඩි වෙයි

ලබන 20 වනදා සිට ආසන පටි නීතිය බලාත්මක කරන බව මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාව පවසනවා.

එම සභාවේ සභාපති මංජුල කුලරත්න මහතා සඳහන් කළේ අධිවේගී මාර්ගවල ගමන් ගන්නා සියලු වාහනවල ආසන පටි පැළදීම අනිවාර්ය බවයි.

රථ වාහනවල ඉදිරිපස මෙන්ම පසුපස ගමන් ගන්නා මඟීන්ට ද ආසන පටි පැළඳීම අනිවාර්ය කිරීමට රජය පියවර ගනු ලැබුවා.

අදාළ නීතිය ක්‍රියාත්මක කිරීමට සහන කාලයක් ලබාදී තිබුණා.

එම කාලය ලබන 19 වන දිනෙන් අවසන් වනවා.

මේ අනුව ජුනි මස 20 වනදා සිට මෙම නීතිය අනිවාර්යයෙන් ක්‍රියාත්මක කරන බවද මාර්ග ආරක්ෂක පිළිබඳව ජාතික සභාව වැඩිදුරටත් සඳහන් කළා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *