අමෙරිකාව සහ ඉරානය අතර නව අවබෝධතා ගිවිසුමකට අද (15) එළැඹ තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උප ජනාධිපති ජේ. ඩී. වෑන්ස් සහ ඉරාන පාර්ලිමේන්තුවේ කථානායක මොහොමඩ් බගර් කලීබාෆ් යන පිරිස විසින් අත්සන් තබා ඇති බවයි.
මෙම එකඟතාවයට අදාළ ප්‍රධාන කරුණු කිහිපයක් මාධ්‍ය වෙත මේ වන විට අනාවරණය වී තිබෙනවා.
මෙම ගිවිසුම මඟින් උපාය මාර්ගිකව වැදගත් වනා හොර්මුස් සමුද්‍ර සන්ධිය වහාම ක්‍රියාත්මක වන පරිදි විවෘත කිරීමටත් ඉරානයට පනවා තිබූ අමෙරිකානු නාවික අවහිරතා ඉවත් කිරීමටත් ප්‍රතිපාදන සැලකෙනවා.
ගිවිසුමට අදාළ සම්පුර්ණ විස්තර එළැඹෙන පැය 24ත් 48ත් අතර කාලය තුළ ප්‍රසිද්ධියට පත් කිරීමට නියමිතයි.
දෙපාර්ශවය අතර පවතින ගැටළුවලට අදාළ තාක්ෂණික මට්ටමේ සාකච්ඡා මෙම සතියේ අග භාගයේ දී ආරම්භ කිරීමට කටයුතු යොදා තිබුණා.
මෙම එකඟතාවය මැදපෙරදිග කලාපයේ පවතින දැඩි නොසන්සුන්කාරී වාතාවරණය සමනය කිරීම සඳහා තීරණාත්මක බලපෑමක් එල්ල කරනු ඇති බවද අන්තර්ජාතික දේශපාලන අංශ පෙන්වා දෙනවා.








Leave a Reply