Loading...

ජනාධිපතිවරණයෙන් පසු ඩොලර් මිලියන 1854කට අධික විදෙස් ණය අරගෙන

වත්මන් රජය බලයට පැමිණීමෙන් පසු අමෙරිකානු ඩොලර් මිලියන 1854කට අධික මුදලක් විදෙස් ණය ලබාගෙන ඇති බව හෙළිව තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් සිදුකළ විමසීමකට අනුව මුදල් ක්‍රම සම්පාදන හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය විසින් මේ සම්බන්ධව පාර්ලිමේන්තුවේදී අනාවරණය වී ඇති බව සඳහන්.

මේ අනුව 2024 ජනාධිපතිවරණයේ සිට මේ වසරේ මැයි 5 වනදා දින දක්වා කාලය තුළ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් හැර අමෙරිකානු ඩොලර් මිලියන 1854.77ක මුදලක් ණය වශයෙන් ලබාගෙන තිබෙනවා.

මෙම ණය මුදල් ලබාගෙන ඇත්තේ ජනාධිපතිවාරණයට පෙර ගිවිසුම් ගතවූ ව්‍යාපෘති 18කට අදාළව බව සඳහන්.

ඊට බහුපාර්ශවික ණය සහ ද්වී පාර්ශ්වික ණය ඇතුළත්ව තිබෙනවා.

කොරියාව, සෞදි අරාබිය, නෙදර්ලන්තය, ජපානය සහ ඉන්දියාව යන රටවලින් මෙම ණය ලබාගෙන ඇති බව වාර්තා වනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *