Loading...

ඉන්ධන සහනාධාරය මේ මාසයෙන් අවසන් – ඛනිජ තෙල් සංස්ථාව

ඉන්ධන සඳහා රජය ලබාදෙන සහනාධාරය ජුනි මාසයෙන් අවසන් වන බව ඛනිජ තෙල් සංස්ථාවේ නිලධාරීන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

ඔවුන් මේ බව සඳහන් කර ඇත්තේ එම කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කළ ප්‍රශ්න කිරීමකට පිළිතුරු දෙමිනි.

ඉන්ධන මිල ගණන් වැඩිවීම සම්බන්ධව රජය මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවද එම සංස්ථාවේ නිලධාරීන් පෙන්වා දී තිබෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය මැයි 13 වනදා පැවසුවේ ඉන්ධන පරිභෝජනය අඩු කිරීම රජයේ ඉලක්කය වන බවත් ඒ අනුව ඉන්ධන මිල ඉහළ දැමීම ආදී තීන්දු තීරණවලට එළැඹුණු බවත්ය.

ලෝක වෙළෙඳපොලේ ඉන්ධන මිල වැඩිවීම හමුවේ මෙරට ඩීසල් ලීටරයක මිල රුපියල් 720ක් දක්වා ඉහළ ගොස් ඇති බවද නුවරඑළිය දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළා.

ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ නමුත් රජය විසින් ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 100ක මුදලක් වැය කරමින් රුපියල් 392ක මුදලකට ජනතාවට ලබාදීමට කටයුතු කිරීම තුළ ද සංස්ථාව පාඩු ලබමින් සිටින අතර එය දීර්ඝ කාලීනව සිදුකළ නොහැකි හැකි බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *