Loading...

සිරදඬුවමට එරෙහිව ශෂී විරවංශ ඉදිරිපත් කළ අභියාචනය ඉවතට

අවිධිමත් විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධව නියම කෙරුණු වසර දෙකක සිරදඬුවම හා දඩයට එරෙහිව ශෂී වීරවංශ මහත්මිය ඉදිරිපත් කළ අභියාචනය කොළඹ මහාධිකරණය අද (11) ප්‍රතික්ෂේප කළා.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා පැවසුවේ අභියාචක විත්තිකාරියට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් තීන්දුව ස්ථිර කරන බවයි.

එම චෝදනාවට වරදකරු කෙරුණු ශෂී වීරවංශ මහත්මියට 2022 වසරේ වසරේ කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් වසර දෙකක සිරදඬුවමක් හා රුපියල් ලක්ෂයක දඩයක් නියම කළා.

එම දඬුවම්වලින් තමන්ව නිදහස් කරන ලෙස ඉල්ලා ඇය විසින් කොළඹ මහාධිකරණයට මෙම අභියාචනා ඉදිරිපත් කළා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *