Loading...

හොරොයින් සහ අයිස් කිලෝ 5ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය සමත්ව තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරන්නේ ඊයේ (10) රාත්‍රියේ බොරලැස්ගමුව පොලිස් වසමේ වේරහැර ප්‍රදේශයේ දී බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ වැටලීමකදී මෙම මත්ද්‍රව්‍ය සොයාගත් බවයි.

මේ අනුව හොරොයින් කිලෝග්‍රෑම් 1 ග්‍රෑම් 80ක් හා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 5 ග්‍රෑම් 24ක් සමඟ 42 හැවිරිදි වේරහැර බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ සැකකරු විදෙස්ගත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධ වී මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කර ඇති බව අනාවරණය වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *