Loading...

කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අවට ආරක්ෂාව දැඩි කරයි

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අසළ මේ වන විට දැඩි ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව වාර්තා වනවා.

එම ස්ථානය අවට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විශාල පිරිසක් අධිකරණ පරිශ්‍රය හා ඒ අවට ආරක්ෂාව සඳහා යොදවා ඇති බව සඳහන්.

තවද රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාගේ බිරිඳ ද මේ වන විට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ ඇති බව වාර්තා වනවා.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් වෙත ඉදිරිපත් කර වෛද්‍ය වාර්තාවක් කැඳවීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙස නීතිපතිවරයා විසින් කළ ඉල්ලීම සම්බන්ධ වන නියෝගය අද (10) ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

සලේ මහතා වෙනුවෙන් ඉදිරිපත් කළ මෝසමක් පසුගිය ජුනි 4 වනදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සලකා බැලීමෙන් පසුව මෙම කරුණ පිළිබඳ නියෝගය අද (10) දිනයේ ලබාදීමට අධිකරණය තීන්දු කර තිබුණා.

අධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබුණේ අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා කළ ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *