අමෙරිකාවට ආරක්ෂිතව සිටීමට අවශ්‍ය නම් ඔවුන් ඉරාන කලාපයෙන් ඉවත්ව යා යුතු බවට අනතුරු අඟවමින් ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි X පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.
ඔහු මෙම X පණිවුඩය නිකුත් කර ඇත්තේ අද (10) අලුයම අමෙරිකාව ඉරානයට එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙසිනි.
අමෙරිකාව යුද පිටියේ පරාජය වී තිබියදී පවා තවදුරටත් ඉරානයේ අධිෂ්ඨානය පරික්ෂා කිරීමට තීරණය කර ඇති බවත් ඉරානයේ ප්‍රබල සන්නද්ධ බලකායක් ඕනෑම සතුරු ප්‍රහාරයකට හෝ තර්ජනයකට ප්‍රතිචාර දක්වන බවත් ඉරාන විදේශ අමාත්‍යවරයා පෙන්වා දෙනවා.
ඔහු X පණිවිඩයෙන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ බලහත්කාරයෙන් පර්සියානු ගල්ෆ් කලාපයට ඇතුළු වූ පිටස්තරයින්ට අත්වූ බිහිසුණු ඉරණම් පිළිබඳව පරිච්ඡේද රැසක් ඉතිහාසයේ ලියැවී ඇති බවයි.







Leave a Reply