වනාතවිල්ලුව, කරතිව් ප්‍රදේශයේ කජු වත්තක් තුළදී පුද්ගලයෙකුට පහරදී වෙඩි තබා ඝාතනය කර ඇති බවට පණිවුඩයක් මත වනාතවිල්ලුව පොලිස් ස්ථානය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
පොලීසිය පවසන්නේ ඊයේ (09) අලුයම් කාලයේ දී මෙම ඝාතනය සිදුකර ඇති බවයි.
34 හැවිරිදි කල්අඩිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් මෙලෙස මියගොස් ඇති බව වාර්තා වනවා.
අදාළ පුද්ගලයා කරතිව් වැවිලි සමාගමකට අයත් කජු වත්තක කජු ඇහිදීමට ගොස් සිටියදී එහි මුරකරුවන්ට හසුවී ඇති බවත් ඔවුන් විසින් පහරදී වායු රයිෆල් අවියකින් බවට සැක කෙරෙන අවියකින් වෙඩි තබා මෙම ඝාතනය සිදුකර ඇති බවට මේ වන විට සිදුකරන ලද විමර්ශනයේ දී අනාවරණය වී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් එම වතු යායේ මුරකරුවන් 8 දෙනෙක් වායු රයිෆල් අවි 4ක් ද සමඟ අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 19ත් 41ත් අතර වයස්වල පසුවන ඒත්තාලේ, පුත්තලම, කල්පිටිය, අනුරාධපුර ප්‍රදේශවල පදිංචිකරුවන් බව වාර්තා වනවා.
මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පුත්තලම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බව සඳහන්.
සිද්ධිය සම්බන්ධව වනාතවිල්ලුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.







Leave a Reply