Loading...

සලේගේ සෞඛ්‍ය වාර්තාව සම්බන්ධ අධිකරණ නියෝගය අද

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් වෙත ඉදිරිපත් කර වාර්තාවක් කැඳවීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් කළ ඉල්ලීම පිළිබඳව නියෝගය අද (10) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.

ඔහු වෙනුවෙන් ඉදිරිපත් කළ මෝසමක් පසුගිය ජුනි මස 4 වනදා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය ලබාදෙනු ලැබුවා.

මෙහිදී අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා කළ ඉල්ලීම සලකා බැලීමෙන් පසුව අධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබුණා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *