විදෙස් රටකදී මුද්‍රණය කරන ලද ව්‍යාජ ඩොලර් 100 නෝට්ටු මිටි 60ක් සමඟ ලාංකික කාන්තාවක් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අද (08) උදෑසන කොටිකාවත්ත ප්‍රදේශයේ පිහිටි වයස අවුරුදු 53ක් වන සැකකාරියගේ නිවසේ දී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
මෙම මුදල් තොගයේ රුපියල් වටිනාකම රුපියල් කෝටි 21කි.
මෙම මුදල් නෝට්ටු පිටරටකදී මුද්‍රණය කර මෙරටට ගෙන්වා ඇති බව පොලීසිය සැකපළ කරනවා.
පොලීසිය සඳහන් කරන්නේ මෙම ජාවාරමට පාකිස්ථාන ජාතිකයෙකු ද සම්බන්ධ වන බවයි.
අදාළ ව්‍යාජ මුදල් නෝට්ටු ඩොලරයක් රුපියල් 284ක මුදලකට හුවමාරු කිරීමට සුදානම්ව සිටි බව සඳහන්.
තවද මෙරට ව්‍යාපාරිකයන් රවටා මෙම ඩොලර් නෝට්ටු හුවමාරු කිරීමට සුදානම්ව සිට ඇති අතර මෙරට ව්‍යාපාරිකයන් රවටා මෙම ඩොලර් නෝට්ටු හුවමාරු කර ඇති බවද පොලිසිය පවසනවා.
අත්අඩංගුවට ගත් සැකකාරිය හෙට (09) අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.







Leave a Reply