හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතාගේ නීති උපදේශක අසිත් සිරිවර්ධන මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.
නීතිඥවරයා එම ලිපියෙන් පෙන්වා දී ඇත්තේ සලේ මහතා ශාරීරික සහ මානසික තත්ත්වය බරපතළ ලෙස පිරිහී ඇති බැවින් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම සඳහා රෝහලකට ඇතුළත් කිරීම අවශ්‍ය වන බවයි.
ඔහුට සුදුසුකම්ලත් ස්වාධීන වෛද්‍ය වෘත්තිකයින් විසින් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාදිය යුතු බවද ඔහු එම ලිපියේ සඳහන් කර තිබෙනවා.
සම්පුර්ණ පරීක්ෂාවක් සහ ප්‍රතිකාර ලබාදිය හැකි සුදුසු රෝහලකට හදිසි මාරුවක් අවශ්‍ය බව අදාළ ලිපියෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා වෙත දන්වා ඇත.
සලේ මහතාගේ නීතිඥවරයා පවසන්නේ සලේ මහතා විසින් තම අවසන් කැමති පත්‍රය සහ ඊට අදාළ නීතිමය ලේඛණ සකස් කිරීම තම නීතිඥවරයා හමුවීමට අවස්ථාව ලබාදෙන ලෙසයි.
නීතිඥවරයා පෙන්වා දෙන්නේ සුරේෂ් සලේ මහතාගේ වත්මන් ශාරීරික හා මානසික තත්ත්වය බරපතළ ලෙස පිරිහී ඇති බවයි.
ඔහු රඳවා සිටින තත්ත්වයන් හේතුවෙන් ජීවිතයට ක්ෂණික අවදානමක් පවතින බවද සඳහන් කරමින්, මේ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
එසේ නොවන්නේ නම්, අනාගතයේදී ගොනු කළ හැකි අධිකරණ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය හෝ ජාත්‍යන්තර නඩු කටයුතුවලදී මෙම කරුණු පදනම් කර ගන්නා බවද නීතිඥවරයා දැනුම් දී ඇත.







Leave a Reply