Loading...

වැස්ස ජයගනී – ශ්‍රී ලංකා කොදෙව් දෙවන එක්දින තරඟය නවතී

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිතව තිබූ දෙවන එක්දින තරඟය සම්පුර්ණයෙන්ම අතහැර දැමීමට තීරණය කර තිබෙනවා.

සබිනා පාර්ක් ක්‍රිකට් ක්‍රීඩාංගණයට ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් තරඟ තීරකවරුන් මෙම තීන්දුව ගෙන තිබුණා.

තරඟය කාසියේ වාසිය උරගා බැලීමට පමණක් සීමා වූ අතර එය ජගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළා.

ක්‍රීඩාංගණයට අඛණ්ඩව ඇදහැළුණු වර්ෂාව හේතුවෙන් එරට වේලාවෙන් පස්වරු 06.35ට පමණ තරඟය සම්පුර්ණයෙන්ම අතහැර දැමීමට විනිසුරුවන් තීරණය කළා.

මේ අනුව තරඟ තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරඟාවලියේ එකට බින්දුවක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පෙරමුණේ පසුවනවා.

දෙරට අතර පැවැත්වෙන තෙවන සහ අවසන් එක්දින තරඟය ලබන 9 වනදා පැවැත්වීමට නියමිතයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *