Loading...

පුද්ගලයෙකුට පහරදුන් එකම පවුලේ 4ක් පොලිස් අත්අඩංගුවට

පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියක් සම්බන්ධව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝවට අදාළව කාන්තාවන් දෙදෙනකු ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගාල්ල ප්‍රදේශයේ දේපල සොරකමක සැකකරුවෙකු ලෙස නම් කර සිටි පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහරදීමේ සිදුවීමක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වුණා.

ගාල්ල පොලීසියට ලද තොරතුරකට අනුව දේපල සොරකම් කිරීමේ සිද්ධියක් පිළිබඳව 16 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව සඳහන්.

පොලීසිය පවසන්නේ අදාළ සැකකරුට පැමිණිලිකාර පාර්ශවය විසින් අමානුෂික ලෙස පහර දී ඇති බවත් ඔහුගේ මව විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව එම පහරදීම සම්බන්ධව එකම පවුලේ පුද්ගලයින් සිව් දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවත්ය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (04) ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *